අට පිරිකර


බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා අනුදැන වදාළ පිරිකර අටක් අට පිරිකර නමින් හඳුන්වනු ලැබේ. තිචීවරං ච පත්තෝච – වාසී සුචීව බන්ධනං පරිස්සාවන අට්ඨෙතෙ – යුත් යෝගස්ස භික්ඛුනො” යෝගාචර භික්ෂු නමකට උපකාරවන පිරිකර අට මෙයින් කියවේ. ඒවා නම්

 01. දෙපට සිවුර (සංඝාටිය)
 02.තනිපට සිවුර (උත්තරා සංඝ)
 03.අඳනය (අන්තර වාසිකය)
 04.පටිය (කාය බන්ධනය) 
05. පාත්‍රය (පත්ත) 
06.කඩ කැත්ත (දැලිපිහිය – වාසී)
07. ඉඳීකටුව (සුචි) 
08.පෙරහන් කඩ (පරිස්සාවන)

යනු ඒ පිරිකර අට වේ. අට පිරිකර පූජා කිරීමට සැදැහැවත් පිංවත් උපාසක උපාසිකාවෝ මහත් අභිරුචියක් දක්වති. එයට හේතුව නම් මේ පිරිකර පූජාව තුළින් ද මහත් වූ අනුසස් ලැබෙන නිසාවෙනි. ඒ අනුසස් අතර සසර උපදනා ආත්ම භාවයන්හිදී විෂ ඝෝර සර්පයන් ගෙන් ද මැසි මදුරු ආදී සත්වයන් ගෙන් ද හානි සිදු නොවන බවත් එසේම හොරි දද වණ කුෂ්ට කඩුවේගන් පිළිකා සමාජය පිළිකුල් කරණ දරුණු රෝගී තත්ත්වයන්ගෙන් වන දුක් කරදර සිදු නොවන බවත් කණු කටු උල් ආදිය ඇණීම නිසා වන හානි වැළකෙන බවත් පණ්ඩක නපුංසක ආදී තත්ත්වයන්ට මුහුණ පෑමට සිදු නොවන බවත් දැක්වේ. දෙව් මිනිස් දෙගතියෙහි උපත ලබා සැප විඳීන්න අවස්ථාව උදාවෙන බවද දැක්වේ.

Comments